
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොරැල්ල ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක යමින් සිටි තරුණියකගේ කලවා ප්රදේශය ජංගම දුරකථනයක් මඟින් වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ අතිරේක මහෙස්ත්රාත් හර්ශන කැකුණවෙල, එම දඬුවම වසර 20ට අත්හිටුවනු ලැබීය.
විත්තිකරුට රුපියල් 1500ක දඩයක්ද නියම කෙරුණු අතර, අගතියට පත් පැමිණිලිකාර තරුණියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කෙරිණි.
එම වන්දිය නොගෙවන්නේ නම් විත්තිකරුට අමතර මාස හයක සිරදඬුවම් ලබා දෙන ලෙසටද නියෝග කළේය.
දෙමටගොඩ ප්රදේශයේ පදිංචිකරුවකු වන ශිවප්රකාශන් නේෂන් නමැති විත්තිකරුට එසේ දඩ හා සිරදඬුවම් නියම විය.
පැමිණිලිකාර තරුණිය සිය සේවා ස්ථානයට යෑම සඳහා බොරැල්ල ප්රදේශයේදී පෞද්ගලික බස් රථයකට නැග ඇති බවත්, බස් රථය ගමන ආරම්භ කර විනාඩි කිහිපයක් තුළදී එම රථයේ ඉදිරි අසුනක වාඩිවී සිට ඇති විත්තිකාර පුද්ගලයා ඔහුගේ හිස බිමට පහත් කර ඔහුට පසුපස අසුනේ සිටි තරුණියගෙ කලවා ප්රදේශය රහසිගතව වීඩියෝ කර ඇති බවද, පැමිණිල්ල මෙහෙය වූ බොරැල්ල පොලිසියේ සැරයන් හේමකුමාර අධිකරණයට දැන්වීය.
මෙවැනි ක්රියාකාරකම්වල යෙදෙන සෙසු පුද්ගලයන්ටද ආදර්ශයක් වන ආකාරයට විත්තිකරුට දැඬුවම් නියම කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
මෙම සිද්ධිය ඉකුත් වසරේ සිදුව ඇති අතර, සැකකරු වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට එසේ දඬුවම් නියම කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart