
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කම්කරු අරගල මධ්‍යස්ථානය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට ගත් ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, දුමින්ද නාගමුව, නයනා රංගනී යන තිදෙනාට එරෙහිව චෝදනා ගොනුකිරීමට අපොහොසත් වුවහොත් ඔවුන් තිදෙනාම නඩු කටයුත්තෙන් මුදාහරින බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (10දා) පොලිසියට අවවාද කළේය.
2023 ජූලි 28 වැනිදා අත්අඩංගුවට ගත් සිය සේවාදායකයන්ට එරෙහිව මාස 13ක් ගතවී ඇතත් මේ දක්වා චෝදනා ගොනුකිරීමට පොලිසිය අසමත් වී ඇති බැවින් ඔවුන් නඩුවෙන් නිදහස් කරන්නැයි නීතිඥ ස්වස්තිකා අරුලිංගම් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එකී සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකිරීමට තවත් දින අවශ්‍ය වන්නේ යැයි පොලිසිය අධිකරණයට පැවසීය.
රජය විසින් දියත් කිරීමට සැලසුම් කළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයක් බොරැල්ල සහස්පුර දී සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට හා රැස්වීමකට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබූ අතර, එම ප්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවක් වීඩියෝ ගතකිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට අමානුෂික ලෙස පහර දී එකී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart