
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් ලක්ෂ 369ක අධික මුදලක පුද්ගල ආදායම් බදු නොගෙවා සිටීමට හේතු ඇත්නම් දෙසැම්බර් 16 දින අධිකරණය හමුවේ ලිඛිතව කරුණු ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට අධිකරණය නියෝග කළේය.
ඒ ඔහු ඊයේ (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
රුපියල් ලක්ෂ 369කට අධික (36,975,959.00) පුද්ගල ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් සඡින්ද වාස්ට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් නඩුව පවරා තිබිණි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින වාස් ගුණවර්ධන අධිකරණයේ පෙනීසිටියේය.
වගඋත්තරකාර සජින් වාස් ගුණවර්ධන වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක කරුණු දක්වමින් කියාසිටියේ මහේස්ත්‍රාත් අධිකරණ නඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකොට ඇති බවය.
එම පෙත්සම 2026 මාර්තු මස 26 වැනි දින කැඳවීමට නියමිත බවද ඔහු පැවසුවේය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් කිසිදු නියෝගයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිකුත් කොට නොමැති බවත්,මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට කිසිඳු බාධාවක් නොමැති බවත් සඳහන් කරන ලදි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart