
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම නිල රාජකාරි ඉටුකිරීමේදී ලබාදුන් අධිකරණ තීන්දු සම්බන්ධයෙන් දැනට සේවයේ නියුතු මහාධිකරණ විනිසුරුවරයෙකු කැඳවා ප්‍රශ්න කිරීම වැළැක්වීම සඳහා වහාම මැදිහත් වන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් තිදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
එවැනි ක්‍රියාමාර්ගයක් මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් එල්ල වන බව ඔවුහු පෙන්වාදෙති.
මෙම පෙත්සම ගොනුකර ඇනුයේ ජනාධිපති නීතිඥ උදිත ඊගලහේවා, ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුගත් කල්දේරා විසිනි.
එහි වගඋත්තරකරුවන් ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග, නීතිපතිවරයා සහ අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර නම්කර ඇත.
මෙම කරුණ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත කේ. ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී, පෙත්සම් විභාගය අවසන් වන තෙක් අදාළ සිතාසිවලට සම්බන්ධ සියලුම කටයුතු අත්හිටුවීමට සහ විනිසුරුවරයා අධිකරණය හමුවට පැමිණවීම නියම කිරීම සඳහා ගන්නා ඉදිරි පියවර වළක්වමින් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
එමෙන්ම, ලබන ජූනි 12 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වමින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට ද පියවර ගැනිණි.
පෙත්සමට අනුව, මහාධිකරණ නඩුවකට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර වෙත සිතාසි නිකුත් කර තිබේ.
පෙත්සම්කරුවන් කියාසිටින්නේ, විනිසුරුවරයා නුගේගොඩ දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ලබාදුන් අධිකරණ නියෝග සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම මෙම සිතාසි නිකුත් කිරීමේ අරමුණ බව විශ්වාස කිරීමට ප්‍රමාණවත් පදනමක් පවතින බවයි.
පෙත්සම්කරුවන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, 2025 පෙබරවාරි මාසයේදී ගොනුකරන ලද මුල් අධිචෝදනා පත්‍රයට අමුණා තිබූ සාක්ෂිකරුවන්ගේ ලේඛනයට විනිසුරු මාපා බණ්ඩාරගේ නම ඇතුළත් කර නොතිබූ නමුත්, 2026 මාර්තු මාසයේදී ගොනුකරන ලද අතිරේක සාක්ෂිකරුවන්ගේ ලේඛනයට ‘නුගේගොඩ දිසා විනිසුරු’ ලෙස ඔහුගේ නම පසුව ඇතුළත් කර ඇති බවයි.
අධිකරණ නිලධාරීන්ට ඔවුන්ගේ අධිකරණ ක්‍රියාවන් සම්බන්ධයෙන් මුක්තිය හිමිවන බවත්, විනිසුරුවරයෙකු විසින් කරනු ලබන තීරණ අභියෝගයට ලක්කළ හැක්කේ නීතියෙන් පිළිගත් අභියාචනා හෝ ප්රතිශෝධන ක්‍රියාපටිපාටීන් මඟින් පමණක් බවත් ඔවුහු තර්ක කරති.
එබැවින්, මුල් විනිශ්චය බලය ක්‍රියාත්මක කරන වෙනත් අධිකරණයක් ඉදිරියේ අධිකරණ තීරණ වක්‍ර ලෙස විමර්ශනයට ලක්නොකළ යුතු බව පෙත්සම මඟින් පෙන්වා දී ඇත.
විනිසුරුවන් විසින් විභාග කරන ලද නඩුවලදී ඔවුන් භාවිත කළ අධිකරණ අභිමතය, තීරණවල සාධාරණත්වය හෝ හේතු දැක්වීම් සම්බන්ධයෙන් ඔවුන්ව කැඳවා ප්‍රශ්න කිරීමට ඉඩදීමෙන්, අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන අතර යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය පළුදුවන බවට ද පෙත්සම්කරුවෝ අනතුරු අඟවති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අයික්රම් මොහොමඩ්, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දු, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, එන්.ආර්. සිවේන්ද්‍රන්, නිරන් අන්කෙටෙල් සහ පසිඳු බණ්ඩාර සමඟ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා පෙනීසිටි අතර, සනත් විජේවර්ධන ඇසෝසියේට්ස් ආයතනය විසින් උපදෙස් ලබා දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart