
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලි ඇතුන්ගේ ආරක්ෂාව සහ සංරක්ෂණය සහතික කිරීම සඳහා නීති විරෝධී විදුලි වැටවල් හඳුනාගෙන ඉවත් කරන්නැයි බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
අලි ඇතුන් ආරක්ෂා කිරීමේ සංගමයේ සභාපති කේ. ප්‍රියදර්ශනී විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ තවත් කිහිප දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
2023 දී ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 488කට ජීවිත අහිමි වූ බවත්, 2024 නොවැම්බර් අවසානය වන විට තවත් අලි ඇතුන් 354ක් අහිමි වූ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.
මෙයින් අලි ඇතුන් 72ක් පමණ 2023 දී විදුලි සැර වැදීමෙන් මිය ගිය අතර, තවත් අලින් 49 දෙනෙකුට 2024 දී එම ඉරණමම අත්විය.
කැකිරාව කලා වැව, බලලු වැව සහ අවට වනාන්තර ප්‍රදේශවල සැරිසැරූ වයස අවුරුදු 45ත් 50ත් අතර සිටි දීග දන්තු ලෙස හැඳින්වෙන ඇතා 2024 නොවැම්බර් 27 වැනි දින පලාගල, ඉඟුරුවැව ප්‍රදේශයේ පිහිටි දිසානායක මුදියන්සේලාගේ උපුල් ප්‍රියන්ත බණ්ඩාරට අයත් ඉඩමක මියගොස් සිටියදී සොයා ගත් බව පෙත්සම්කරු තවදුරටත් කරුණු ඉදිරිපත් කර තිබේ.
මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කර ඇති වාර්තාවලට අනුව, දීග දන්තු ඝාතනය කර ඇත්තේ බැටරියකින් බල ගැන්වූ නීති විරෝධී ලෙස ඉදිකරන ලද විදුලි වැටක් සැකකරුගේ නිවස වටා අධි වෝල්ටීයතා රැහැනකට සම්බන්ධ කර තිබීම නිසා ඇති වූ විදුලි සැර වැදීමකින් බව පැහැදිලිය.
වන අලි ගම්මානවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා විදුලි වැටක් භාවිත කළ හැකි වුවද, එය නිර්මාණය කළ යුත්තේ ඔවුන්ට හානි කිරීමට හෝ මරා දැමීමට නොව, පලවා හැරීමට පමණක් බව පෙත්සම්කරු ප්‍රකාශ කර තිබේ.
එම අවස්ථාවේදී, ඇතාගේ මරණයට වගකිව යුතු පුද්ගලයා මාරාන්තික අරමුණු සඳහා නීති විරෝධී ලෙස අධි වෝල්ටීයතා ධාරාවක් භාවිත කර තිබිණි.
නීතිඥ සචින්තා රොද්‍රිගෝ හරහා පෙත්සම ගොනු කරන ලද අතර අගෝස්තු 11 වැනි දින විභාගයට ගැනීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart