February 25, 2026

ඇවන්ගාඩ් සමාගම විසින් සහනයක් ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙකක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඇවන්ගාඩ් සමාගම ක්‍රියාත්මක කරමින් පැවති අවි ගබඩා පහසුකම් තුනක් ඉවත් කිරීමට නියෝග කරමින් නිකුත් කරන ලද නියෝගය අවලංගු කරන ලෙස එම සමාගම ඉල්ලා තිබිණි.

ඇවන්ගාඩ් සමාගම සහ එහි සේවකයන් විසින් මූලික අදියරේදී ගොනු කරන ලද රිට් පෙත්සම් දෙක සළකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.