
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අසභ්‍ය ඡායාරූප නිර්මාණය කිරීම, ඒවා සන්තකයේ තබා ගැනීම සහ එම රූප සමාජ මාධ්‍යයට මුදාහැරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් තරුණියකට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය පසුගියදා දඬුවම් නියම කළේය.
ඒ අනුව සැකකාර තරුණියට චෝදනා තුනට වෙන් වෙන් වශයෙන් රුපියල් 1500 බැගින් රජයේ ගාස්තු නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා යළි මෙවැනි වැරැදි නොකරන ලෙස තරයේ අවවාද කළේය.
විත්තිකාරියගේ ජංගම දුරකථනයේ අන්තර්ගත අසභ්‍ය ඡායාරූප යළි ලබාගත නොහැකි ලෙස මකා දමා සිම්පත සහ මෙමරි කාඩ්පත විනාශ කරන ලෙස අනුරාධපුර පොලිස් තොරතුරු කෙට්ඨාසයේ ස්ථානධිපති පොලිස් පරික්ෂක අයි.සී.සී.පී. ඉලංගසිංහට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ දඬුවම් නියම වූයේ අනුරාධපුර, විලුවනාගම, සමගි මාවත, පළමු පටුමගේ පදිංචි 21 හැවිරිදි තරුණියකටය. විත්තිකාර තරුණියට රජයේ ගාස්තු ගෙවීමට නියම කිරීමට හේතු වූයේ ඇය වෙනුවෙන් නීතිඥ රංජිත් රාජකරුණා දීර්ඝව අධිකරණයට කළ කරුණු දැක්වීම් සැළකිල්ලට ගනිමිනි.
ඒ අනුව විත්තකාරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රංජිත් රාජකරුණ කියා සිටියේ තම සේවාදායිකාව උසස් බාලිකා විද්‍යාලයක තොරතුරු තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනය ලබා ඇති තරුණියක බවයි. ඒ ඔස්සේ තවදුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් ඉදිරියේදී රැකියාවක් කිරීමට ඇය අපේක්ෂාවෙන් සිටින බවද අධිකරණයට සැල කළ නීතිඥවරයා එමනිසා ඇයගේ අනාගතය පිළිබඳ සලකා බලා රජයේ ගාස්තුවක් නියම කරමින් අවම දඬුවමක් නියම කරන්නැයිද ඉල්ලා සිටියේය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 306 වැනි වගන්තිය ප්‍රකාරව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය විසින් විත්තිකාර තරුණියට එරෙහිව අධිකරණ්‍ය හමුවේ නඩු පවරා තිබිණි.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart