
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජනතාව විසින් අධිකරණ පද්ධතියට කරනු ලබන ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරිම සඳහා මූලික පියවරක් වශයෙන් කාඩ්පත් ගනුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හදුන්වාදීම අගවිනිසුරු ප්රිති පද්මන් සුරසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී සිදුවිය.
මෙම ගෙවුම් පද්ධති ස්වයංක්‍රීයකරණය මගින් ඉදිරියේදි මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු, සහතික පිටපත් ගාස්තු යන සියලු ගෙවීම් කාඩ්පත් මගින් හා මාර්ගගත ගෙවීම් පද්ධතිය හරහා අන්තර්ජාලය මගින් ගෙවීම් සිදුකිරිමට මහජනතාවට පහසුකම් සැලසේ.
නීතිඥවරුන්ට සහ මහජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු හා ගෙවීම් සිදු කිරීමේදී DEBIT සහ CREDIT කාඩ් මඟින් ගෙවීමේ පහසුව ඊයේ සිට ලබා දී ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික විනිසුරුවරුන් සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නිතිඥ, රජිව් අමරසුරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා සහ නියෝජ්‍ය රෙජිස්ට්රාර්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මේ අතර ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ මාර්ගෝපදේශනය යටතේ ක්‍රියාත්මක වන කඩිනම් වැඩපිළිවෙල 2025.09.12 වන දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ සහභාගිත්වයෙන් කොළඹ අලුත්කඩේ විනිශ්චයකාරවරුන්ගේ පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ දි ආරම්භ කිරිමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart