
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනුකර ඇති රිට් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (25) තීරණය කර ඇත්තේ, එම පෙත්සමට අදාළව අධිකරණය විසින් බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවය.
අභියාචනාධිකරණ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්. ඒ. ආර්. මරික්කාර් යන අයගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට නියමිතව තිබේ.
ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙක් බැවින්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙක් ලෙස ප‍්‍රකාශ කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් එම පෙත්සමින් ඉල්ලා ඇත.
ඒ අනුව, ඩයනා ගමගේට මන්ත්‍රී ධූරයක් දැරීමට අයිතියක් නොමැති බැවින්, ඇය සඳහා ‘ක්වෝ වොරෝන්ටෝ’ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මෙම පෙත්සම ගොනු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart