
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේ පේදුරුතුඩුව කර්කෝලවම් පුනිතනගර් ප්‍රදේශයේ නිවෙසක සිටි අඹුසැමි යුවළක් ගල්ගසා මරා දමා ඇතැයි පේදුරුතුඩුව පොලිසිය සඳහන් කරයි.
එසේ ඝාතනය කළ අඹුසැමි යුවළ සිරුරු සොයාගෙන ඇත්තේ ඊයේ (30) දිනයේදීය.
මියගිය අඹුසැමියන්ගේ හිසට හා ශරීරයේ බොහෝ ස්ථානවලට විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල් වැදී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ 53 හැවිරිදි මානික්කම් සුබ්‍රමනියම් සහ 54 හැවිරිදි මේරි නමැති අඹුසැමි යුවළයි.
මියගොස් ඇති පිරිමි පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත පේදුරුතුඩුව රෝහලේ කිලිටි රෙදි සේදීම වෘත්තිය වශයෙන් කරගෙන ගොස් ඇති අයෙකි.
සේවයට නොපැමිණීම නිසා රෝහලෙන් ඔහුට දුරකතන ඇමතුම් ලබා දී ඇති බවත්, පසුව රෝහලේ සේවකයකු එම නිවසට ගොස් සොයාබැලීමේදී ගල්ගසා මරාදමා සිටි ඔවුන්ගේ සිරුරු හමුවී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
කොන්ක්‍රීට් ගල්වලින් හිසට තදබල ලෙස පහරදීම නිසා ඇති වූ බරපතළ තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වීම නිසා අඹුසැමි යුවළ එම ස්ථානයේදීම මියගොස් සිටි බවද පේදුරුතුඩුව පොලිසිය ප්‍රකාශ කරයි.
පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට ඊයේ (30) පැමිණි අතර, ස්ථානීය පරීක්ෂණය පවත්වා මළසිරුරු යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පොලිසියට නියෝග කර ඇත.
එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද පොලිසියට නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart