
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 සැප්තැම්බර් මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල පසුගිය සැප්තැම්බර් මාසයේ දී සටහන් වී ඇත්තේ රු. 16,073 ක් වශයෙනි. ඊට පෙර මාසයේ එනම් 2024 අගෝස්තු මාසයේ දී මෙම අගය රු. 16,152 ක් ලෙසින් වාර්තා විය.
මෙම නව අගයයට අනුව සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට එක් මාසයක් සඳහා සිය අවම අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය මුදල රු. 64,292 කි.
දරිද්‍රතා රේඛා සටහන දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රකාශයට පත්කෙරෙන අතර එහිදී 2024 සැප්තැම්බර් මාසයේ ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඊට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයෙකුට රු. 17,335 ක් සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වනු ඇත. අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රු. 15,369 කි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී පූර්ව මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබීම මෙලෙස දරිද්‍රතා සීමාව පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙහිදී කියා සිටී.
මෙම කාලසීමාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලනයේ අවසන් මාසය වේ.
ආර්ථික කරුණු පිළිබඳව නව ආණ්ඩුවට උපදෙස් අවශ්‍ය නම් “සීයාගෙන්(තමාගෙන්) අහන්න” යැයි හිටපු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 සැප්තැම්බර් මාසයට අදාළ නවතම දරිද්‍රතා රේඛා සටහන පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart