
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයකදී සිංහල සම්ප්‍රදායට අනුව පොලිස් නිලධාරීන් පස්දෙනෙකු සමාව අයැද තිබේ.
සහරාන් හෂීම්ගේ සගයන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පෙත්සම්කරුවන් තිදෙනකුට හොරොව්පොතාන සහ කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනකු මෙලෙස අධිකරණයේදී වැඳ සමාව ගෙන ඇත.
තමන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් පෙත්සම්කරුවන් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් පාර්ශ්වයන් අතර ඇති කරගත් සමථයේ කොටසක් ලෙස පොලිස් නිලධාරීන් පස්දෙනෙකු විසින් පෙත්සම්කරුවන් තිදෙනෙකුගෙන් මෙම සමාව අයැද සිටියේය.
එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩු විභාගය මෙහෙයවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart