
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට උසස්පෙළ සහිත පාසල්වලින් 65.75% ප්‍රමාණයක විද්‍යා විෂයන් නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී (කොප් කමිටුව) අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් 2023.04.28 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කොප් කමිටුව) හමුවට, මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සහ උසස් අධ්‍යාපනයට අදාළ ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇත.
මෙරට උසස්පෙළ සහිත පාසැල් සංඛ්‍යාව 2952 ක් බවත් ඉන් විද්‍යා විෂයයන් හැදෑරීමට අවස්ථාව ඇත්තේ පාසැල් 1011 ක පමණක් බවත්, ඒ අනුව පාසැල් 1941 ක විද්‍යා විෂයන් ඉගැන්වීම සිදු නොවන බවත්,විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග එහිදී පෙන්වාදී තිබේ.
STEM අධ්‍යාපන ක්‍රමය ඔස්සේ මේ සදහා විසදුම් සෙවීම ආරම්භ කොට ඇති බවත් මෙම ගැටලුව විසදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා එහිදී සඳහන් කර ඇත.
2021 වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිවන පිරිසෙන් 26%ක් කලා මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරු පිරිසක් බවත්, විද්‍යා විෂයයන් සදහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන පිරිස සාපේක්ෂව අඩු අගයක් බවත් එහිදී වැඩිදුරටත් හෙළිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart