
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව යනු අර්ථවත් තීරණ ගැනීමට බලයක් නොමැති හුදු ‘රියැලිටි වැඩසටහනක්’ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනමාධ්‍ය ආවරණ බොහෝමයක් කෝප් සැසිවාර වටා කැරකෙන්නේ ඒවායේ ඵලදායිතාව නිසා නොව එහි නිලධාරීන්ගේ රඟපෑම් නිසා බවයි.
එය වත්මන් ආණ්ඩුවට පමණක් ආවේණික වූවක් නොවන බවත් එය ආරම්භයේ සිටම කෝප් කමිටුවේ ස්වභාවය බවත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම කෝප් කමිටුව සිදුකරන්නේ, රාජ්‍ය නිලධාරීන් කිහිප අවස්ථාවකදී කැඳවා එකම ප්රශ්නය අවස්ථා කිහිපයකදී විමසමින් ජනමාධ්‍ය ඉදිරියේ නිලධාරීන් අපහසුතාවයට පත්කිරීම බව ද ඔහු පැවසීය.
එහිදී සිදුකෙරෙන විමර්ශනවල වැදගත්කම පිළිගන්නා නමුත්, එවැනි පරීක්ෂණ රාජ්‍ය නිලධාරීන්ට හිරිහැර කිරීමට හෝ දේශපාලන න්යායපත්ර ක්‍රියාත්මක කිරීමට මෙවලම් ලෙස භාවිත නොකළ යුතු බව නාමල් රාජපක්ෂ සඳහන් කළේය.
පරීක්ෂණ පවත්වන්නේ හුදෙක් නිලධාරීන් ඉලක්ක කරගැනීම සඳහා හෝ ඔවුන් වෙත අනවශ්‍ය පීඩනයක් එල්ල කර දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට නම්, එය අසාධරණ බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම වසර ගණනාවක් තිස්සේ කෝප් කමිටුව වාර්තා ගණනාවක් ඉදිරිපත් කළද තීරණ ගැනීමේ බලය ඊට නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart