
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් නිලධාරින් යැයි කියමින් කහවත්තේදී තරුණයකු පැහැරගෙන ගොස් මාංචු දමා දණගස්වා හිසට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන කුලී ඝාතකයා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (20දා) අත්අඩංගුවට ගෙන ඇත.
‘හෝමාගම හඳයා’ නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 12ක මුදල් කොන්ත්‍රාත්තුව මත එම ඝාතනය සිදුකර ඇති බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ලබාදුන් තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම සැකකරු පෑලියගොඩ අපරාධ කණ්ඩායම වෙත භාරදී ඇත.
වසර දහඅටක් යුද හමුදා සේවයේ නිරත වී ඉවත් වූ එම සැකකරු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට විමර්ශන වලදී හෙළි වී තිබේ.
පොරොන්දු වූ මුදල හඳයා තමාට ලබා නුදුන් බවට සැකකරු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත.
කහවත්තේ සිදු වූ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් සිව්දෙනකු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින හෝමාගම හඳයා සහ අමිත් යන පාතාල අපරාධකරුවන් එම ඝාතනය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart