
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්රමුඛ පක්ෂ නායකයෝ පිරිසක් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති මතභේදාත්මක රැස්වීමකදී මහ බැංකු අධිපතිවරයා ප්රමුඛ නිලධාරීන් පිරිසකගෙන් ප්‍රශ්න කරනු ලැබූහ.
මෙහිදී අනාවරණය වී ඇත්තේ, මෙම වැටුප් වැඩිකිරීම හේතුවෙන් මසකට රුපියල් මිලියන 232ක අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.
මෙම තත්වය රැස්ව සිටි පක්ෂ නායකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
රටේ පුරවැසියන් මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝග මධ්‍යයේ මෙවැනි විශාලා වැටුප් වර්ධක ලබාගැනීම සම්බන්ධයෙන් පක්ෂ නායකයෝ මහ බැංකු නිලධාරීන්ට දෝෂාරෝපණය කර ඇත.
මෙහිදී වැටුප් වැඩිකිරීමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් සැලකිය යුතු මතභේදයක් මතුව තිබේ.
අත්සන් කරන ලද සාමුහික ගිවිසුමකට අනුව මෙම වැඩිවීම සිදු කළ බව මහ බැංකු නිලධාරීන් ප්‍රකාශ කළ නමුත්, මෙම සාමූහික ගිවිසුම කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචි කර නැති බව එහිදී අනාවරණය වී තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart