
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දොලොස් දෙනෙකුට චෝදනා එල්ලවී ඇති හියුමන් ඉමියුනොග්ලොබියුලින් නැමැති ප්‍රතිදේහ ඖෂධ තොගය තුළ මිනිස් ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා තිබූ බව ඊයේ අධිකරණයේදී අනාවරණය විය.
ඒ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙම ඖෂධයට අදාළව සිදු කළ අන්තර්ජාතික පරීක්ෂණයේ ප්‍රතිඵල අධිකරණයට දැනුම්දුන් අවස්ථාවේදී ය.
බාල ඖෂධ ලෙස හඳුනාගත් හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොප්සිමැප් ඖෂධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකට යවා පරීක්ෂා කර තිබේ.
එම පරීක්ෂණ වාර්තාවට අනුව හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුරත්, පිළිකා නාශක ඖෂධයක් වන රිටොප්සිමැප් ඖෂධයේ ලුණු වතුරත් පමණක් අඩංගු බවට තහවුරුවී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart