
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් සහ ඇමැති ජීවන් තොණ්ඩමන් අතර හමුවක් ඊයේ (29) චෙන්නායි නුවරදී පැවැත්විණි.
දීර්ඝ කාලයක සිට පවතින ඉන්දු – ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් විය.
මෙම සාකච්ඡාවේදී මහ ඇමති ස්ටාලින් ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳව සිය කනස්සල්ල පළකළේය.
කාලයක් තිස්සේ දෙරට අතර මතභේදාත්මක ප්‍රශ්නයක්ව පවතින ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඇමැති තොණ්ඩමන් ප්‍රධාන ඇමැති ස්ටාලින්ට සහතිකවී ඇත්තේ, මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේදී තමිල්නාඩුව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය පිළිබඳව ද ඇමැති තොණ්ඩමන් මෙහිදී සිය කෘතඥතාව සහ ප්‍රසාදය පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart