
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන උත්සව සමය නිමිත්තෙන් දෙසැම්බර් 15 වැනිදා සිට දිවයින පුරා වැටළීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්රවෘත්ති අධ්යක්ෂ අසේල බණ්ඩාර පවසයි.
උත්සව සමයේ කල් ඉකුත් වූ සහ සංශෝධිත තොරතුරු සහිත විවිධ නිෂ්පාදන වෙළෙඳපොළට ගෙනඒමේ හැකියාව පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් මෙම වැටළීම් සිදුකරන බව ඔහු සඳහන් කරයි.
උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ ද ඉහළ ඉල්ලුමට අලෙවි වන බැවින් ඒ සම්බන්ධයෙන් ද වැටළීම් සිදුකරන බව අසේල බණ්ඩාර ප්‍රකාශ කරයි.
උත්සව සමයේ පැමිණිලි ඇති මහජනතාවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 හරහා දැනුම් දිය හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart