
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඒක පුද්ගල සීනි පරිභෝජනය ඉකුත් වර්ෂයේ දී (2022) සීනි කිලෝග්‍රෑම් 24.30ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි.
ඒ අනුව ඉකුත් වසර දහයේ දී අඩුම ඒක පුද්ගල සීනි පරිභෝජනය ද වාර්තා වන්නේ 2022 වර්ෂයේදී බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
එම කාලයේ දී වැඩිම ඒක පුද්ගල සීනි පරිභෝජනය වාර්තා වී ඇත්තේ 2020 වර්ෂයේදීය.
එම වර්ෂයේ ඒක පුද්ගල වාර්ෂික වාර්ෂික සීනි පරිභෝජනය කිලෝග්‍රැම් 33.87කි.
මෙරට සමස්ත සීනි අවශ්‍යතාවයෙන් සියයට 15ක් පමණ දේශීයව සපුරා ගන්නා අතර ඉතිරි අවශ්‍යතාවය ආනයනය කිරීම මගින් සපුරා ගන්නා බව මහ බැංකුව පෙන්වා දෙයි.
ඉකුත් වර්ෂයේ දී (2022) මෙරටට සීනි මෙට්‍රික්ටොන් 460,000ක් ආනයනය කර ඇති අතර, ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 82,644කි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart