March 23, 2024

මේ වන විට කොළඹ නගරයේ අනතුරුදායක ඉදිකිරීම් 150කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසයි.

අදාළ ඉදිකිරීම් කඩිනමින් ඉවත් කරන ලෙස ඒවායේ හිමිකරුවන්ට දන්වා තිබියදී අදාළ ඉදිකිරීම් ලේඛනගත කර ඇති බව ඇය සඳහන් කරයි.

කොළඹ නගරයේ ඇළ මාර්ග අවහිර කරමින් ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි 500ක් වෙනත් ස්ථානයකට ගෙන යෑමට කොළඹ මහ නගර සභාව කටයුතු කරන බවද කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මීට පෙර පැවැසීය.