
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගංජා ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියකු අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර පොලිස් වසමේ ECC මාර්ග බාධකය අසලදී යතුරු පැදියක් නවතා පරික්ෂා කිරීමේදී පොලිස් කොස්තාපල්වරයා පැළඳ සිටි ජැකට්ටුවේ පිටුපස සඟවාගෙන සිටි ගංජා ග්‍රෑම් හයසියයකට වැඩි ප්‍රමාණයක් සහිත පාර්සලයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා අම්පාර පොලිසිය වෙත ඉදිරි විමර්ශන කටයුතු සඳහා භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart