
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික ලෙස බීමත්ව මරදාන දසමහල් තනිකඩ භට නිවාසයට ඇතුළුවීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් බව වාර්තා වේ.
පසුගිය එකොළොස්වැනිදා යුධ හමුදා සෙබළකු සමග මත්පැන් පානය කර, හමුදා සෙබළා ද සමඟ භට නිවාසයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයා එයට ඉඩ ලබාදී නැති බව වාර්තා සදහන් කරයි.
ඒ හේතුවෙන් කුපිත වූ පොලිස් කොස්තාපල්වරයා කලහකාරී ලෙස හැසිරී ඇති අතර ඉන් පසුව මරදාන පොලිසියේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 20,000 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart