
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවූ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට පළායෑමට සහාය දුන් බව කියන පොලිස් කොස්තාපල් රවිඳු සංදීප නමැත්තා තවත් සිව්දෙනෙකු සමඟ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
පොලීසියට අවශ්‍යව සිටි අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක් කටා’ මැඩගස්කරයේදී ඔහුගේ කුප්‍රකට සහායකයෙකු වන සලිඳු මල්ෂික නොහොත් ”කුඩු සලිඳු” නමැත්තා සමඟ 2023 මාර්තු 01 වැනි දින අන්තර්ජාතික පොලීසිය සහ එරට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් මෙන්ම රේගු නිලධාරීන්ගේ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබිණි.
‘හරක් කටා’ නමැත්තා පොලිසියට අවශ්‍යව තිබුණේ, ඔහු මිනීමැරුම් සහ මංකොල්ලකෑම් මෙන්ම අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම හේතුවෙනි.
‘හරක් කටා’ අත්අඩංගුවේ සිටියදී 2023 සැප්තැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගේ සහාය ඇතිව පළායෑමට උත්සාහ කර එය අසාර්ථක විය.
එහි සිටි එක් කොස්තාපල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පළාගිය අතර, මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර නමැති එම නිලධාරියා පිළිබඳ ඔත්තුවක් සඳහා රුපියල් මිලියන 2.5ක්. මුදල් ත්‍යාගයක් පවා පිරිනැමීමට සූදානම් බව පොලිසිය පසුව නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart