
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් විශුද්ධිකරණ නඩුවක චුදිතයකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම කොන්දේසි කිහිපයක් යටතේ ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණය කටයුතු කර තිබේ.
ඒ, ඔහුට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවේ පූර්ව නඩු විභාග කටයුතු ඊයේ හෝමාගම මහාධිකරණය කැඳවූ අවස්ථාවේදී ය.
සිය පෞද්ගලික බැංකු ගිණුමක රුපියල් මිලියන 17ක මුදලක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
නඩුව හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග ඉදිරියේදී කැඳවනු ලැබු අවස්ථාවේ රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට පනවා ඇති විදේශ ගමන් තහනම, හදිසි සහ අත්‍යවශ්‍ය විදේශ සංචාරයක් වෙනුවෙන් ලිහිල් කරන ලෙසයි.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහාධිකරණ විනිසුරුවරිය ප්‍රකාශ කළේ නිශ්චිත කොන්දේසි කිහිපයක් යටතේ අදාළ ගමන් තහනම ලිහිල් කිරීමට සලකා බැලිය හැකි බවයි.
ඒ අනුව, විත්තිකරුගේ සමීපතම ඥාතියකුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කර, එම ඥාතියා ඇපකරුවකු ලෙස පෙනී සිටින්නේ නම් විදේශගත වීම සඳහා අවසර ලබා දීමට සලකා බැලිය හැකි බව අධිකරණය දන්වා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව, නඩුවේ වැඩිදුර විභාග කටයුතු එළඹෙන ජූලි මස 30 වැනිදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart