
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ප්‍රමුඛ ජනමාධ්‍ය ආයතනයක සේවය කරන ජනමාධ්‍යවේදියකු වන හේමන්ත ලියනපතිරණ පැහැරගැනීමකට ලක්ව ඇති බවට ඔහුගේ පවුලේ ඥාතීහු චෝදනා කරති.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මෙම චෝදනාව ගොනුකර ඇත.
ජනමාධ්‍යවේදී හේමන්ත ලියනපතිරණ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවටත්, ඔහුට එරෙහිව පාතාල සාමාජිකයකු වන ‘මන්නා රමේෂ්’ නමැත්තා සමග සම්බන්ධතා පවත්වා ඇතැයි චෝදනා එල්ලවී ඇති බවටත් පසුගියදා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
මීට අදාළ සිදුවීම පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහුගේ බිරිය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ, සිය සැමියා පසුගිය සැප්තැම්බර් 24වැනිදා හදිසියේ අතුරුදන් වූ බවයි.
එම අතුරුදන්වීම සම්බන්ධයෙන් මීගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද හේමන්ත ලියනපතිරණගේ බිරිය කටයුතු කර තිබේ.
අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිය සැමියා අවිස්සාවේල්ල පොලිසියේ රඳවාගෙන සිටින බවට දැනුම්දීමක් ලැබුණු බවද, ඔහුට නීතිඥ සහායක් ලබාදීමේ අවස්ථාව අහුරා ඔහුව අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට පොලිසිය කටයුතු කර ඇති බවද අදාළ පැමිණිල්ලේ සඳහන් වේ.
හේමන්ත ලියනපතිරණට මීට පෙරද විවිධ තර්ජන පැවැති බව පෙන්වාදෙන අදාළ පැමිණිල්ල, පොලිසිය විසින් ඔහුව සිය භාරයට ගැනීම පිළිබඳව පවුලේ ඥාතීන් දැනුවත් නොකර, ඒ පිළිබඳව ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදී ඇති බවටද චෝදනා කරයි.
සිය සැමියා අනීතික අයුරින් අත්අඩංගුවට ගෙන ඇති බව අදාළ පැමිණිල්ලෙන් පෙන්වාදෙන ජනමාධ්‍යවේදී හේමන්ත ලියනපතිරණගේ බිරිය, මෙම ක්‍රියාවට සම්බන්ධ බවට චෝදනා එල්ල කෙරෙන විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
මෙම පැමිණිල්ල මගින් පොලිස්පතිවරයා, විශේෂ කාර බලකායේ අණදෙන නිලධාරිවරයා, සීතාවක ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart