February 26, 2026

ගල්අ­ඟුරු සිද්ධිය සම්බ­න්ධ­යෙන් ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කළ පුද්ග­ල­යන්ට එරෙ­හිව වහාම පරී­ක්ෂ­ණ­යක් පව­ත්ව­න්නැයි ඉල්ලා සිවිල් බුද්ධි පෙර­මුණේ කැඳ­වු­ම්කරු සංජය මහ­වත්ත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙත ඊයේ (25) පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කළේය.

මේ පිළි­බඳ වහාම පරී­ක්ෂ­ණ­යක් පවත්වා අදාළ පුද්ග­ල­යන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කර­න්නැයි සංජය මහ­වත්ත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙත පැමි­ණි­ල්ලක් කර තිබේ.

විප­ක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් දෙදෙ­න­කුට හා මහා­චා­ර්ය­ව­ර­ය­කුට එරෙ­හිව පැමි­ණිල්ල ගොනුකර තිබේ.

2017 දී ඉදි­රි­පත් කළ වාර්තා­වක් මුල්කර ගෙන එය 2025 ලෙස දින වෙන­ස්කර ඉදි­පත් කිරීම බර­ප­තළ වර­දක් බව ද ඔහු පැව­සීය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙත පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ජනමාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් හෙතෙම මේ බව කියාසිටි­යේය.

මෙය ආණ්ඩුව හා රජය අප­හ­සු­තා­වට පත්කර රට ගිනි තැබී­මට දරන උත්සා­හ­යක් බව පැවසූ සංජය මහ­වත්ත, මේ නිසා පැමි­ණිල්ලේ නම් සඳ­හන් කළ පුද්ග­ල­යන් තිදෙනා කැඳවා වහාම ප්‍රකාශ සට­හන් කර­ගන්නා ලෙස ද පැමි­ණිල්ල ඉදි­රි­පත් කර­මින් ඉල්ලා තිබේ.

දින සංශො­ධ­නය කළ ලිපි පරී­ක්ෂා­වට ලක්කර එය සැකසහිත නම් වහාම නීතිය ක්‍රියා­ත්මක කරන ලෙස අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙත ඉදි­රි­පත් කළ පැමි­ණිල්ලේ සඳ­හන් වේ.

මෙලෙස හිතා­ම­තාම දින සංශෝ­ධ­නය කිරීම බර­ප­තළ වර­දක් බවත් පාර්ලි­මේ­න්තතු වර­ප්‍ර­සා­ද­ව­ලට මුවාවී විවිධ අසත්‍ය ප්‍රකාශ නොකර පාර්ලි­මේ­න්තු­වෙන් පිට­තට පැමිණ, මෙහි තොර­තුරු ජන­තා­වට ඉදි­රි­පත් කරන ලෙස සංජය මහ­වත්ත කියාසිටි­යේය.