
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕනෑම වාහන ආනයනයක් ඉතා ඉක්මණින් මෙරටට ආනයනය කිරීමේ අවස්ථාව ලැබෙන බව ජනතාවට හඟවමින් දැන්වීම් පළකරන ආයතන වලට කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රතිචාර දැක්වීය.
ඇමැතිවරයා සඳහන් කරන්නේ, සීමාකිරීම් සහිතව වාහන ආනයනයට රජයේ අවධානය යොමුව ඇති නමුත්, සියලුම වර්ගවල වාහන ආනයනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
දෙරණ රුපවාහිනියේ ‘360’ වැඩසටහනට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළකළේය.
“අන්තිම කැබිනට් මාධ්‍ය හමුව කලින් මාධ්‍ය හමුවට අපේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහභාගී වෙලා හිටියා. ඔහු එතනදී වාහන ආනයන සම්බන්ධයෙන් අපේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව ප්‍රකාශයට පත්කළා. ඒ අනුව යම් සීමාකිරීම් සහිතව වාහන ආනයනට ඉඩදෙන්න තමයි රජය කටයුතු කරන්නේ.”
“එහෙම කිව්වා කියලා ඕන වාහනයක් ආනයනය කරන්න ඉඩදෙනවා වගේ දැන්වීම් දාලා ජනතාව අවුල් සහගත තත්ත්වයට පත්කරන්න එපා කියන එක සමහර ආයතනවලින් ඉල්ලන්න කැමතියි. මොකද ඒ ආනයනට තීන්දු ගනිද්දී අපේ සංචිතය පිළිබඳව, අපේ ආර්ථිකය පිළිබඳව සැලකිලිමත් වෙමින් තමයි තීන්දුව ගන්නේ ක්‍රමාණුකූලව. එසේ නොවුණහොත් ආර්ථිකයට බරපතළ පීඩනයක් එල්ල වෙන ආකාරයට ඒ තීන්දුව ගන්න අපි සූදානම් නැහැ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart