
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආර්ථික සවියක් ඇවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් දරණ උත්සාහයන් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත් අදාළ සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී යම් අඩු පාඩුවක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමට වහාම කටයුතු කරන බවත්, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ වැඩසටහනට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සමඟ ඉදිරි සතියේ දී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත් රජය දැනුම් දෙයි.
අස්වැසුම සුබ සාධන වැඩපිළිවෙලට ප්‍රතිලාභීන් තෝරාගැනීමේ දී ආසාධාරණයට ලක්වුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට මෙන්ම ඒ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය ජූලි මස 10 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ද මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ඒ අනුව ආර්ථික සවියක් අත්‍යාවශ්‍ය පුද්ගලයෙකුට හෝ පවුලකට මෙම ප්‍රතිලාභය අහිමි වී තිබේ නම් අදාළ කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් විමසීම් සිදු කර එය නිවැරදි කර ගැනීමේ අවස්ථාව පවතී.
මේ අතර වැඩබලන මුදල් අමාත්‍ය ෂෙශාන් සේමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ අභියාචනා සහ විරෝධතා දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පුද්ගලිකව භාරදිය හැකි පරිදි අදාළ නිලධාරීන් දැනුවත් කර ඇති බවයි.
මාර්ගගත ක්‍රමය භාවිත කළ නොහැකි පුද්ගලයෙකුට ඒ අනුව සාමාන්‍ය ලෙස අභියාචනා සහ විරෝධතා භාරදීමේ හැකියාව ලැබේ.
පසුගිය සිකුරාදා පස්වරුව වන විට අභියාචනා 17,000ක් පමණ ලැබී තිබූ බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට මේ වන විට සමෘද්ධිලාභීන් රැසකගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart