
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවනය සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා අනුස්මරණය කිරීමේ විශේෂ වැඩසටහනක් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.
මෙම උත්සවය සංවිධාන කළේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්රමුඛ තානාපති කාර්යාල නිලධාරීන් විසිනි.
මෙහිදී ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වසර 75ක් සැපිරීම ද සිහිපත් කෙරුණි.
උත්සවය සඳහා වොෂිංටන් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය මහරගම ධම්මසිරි හිමියන්, මේරිලන්ඩ් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කටුගස්තොට උපරතන හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.
එමෙන්ම ඕල්කට් මුණුපුරු ඩග්ල්ස් ඕල්කට් මහතා ප්රමුඛ ඇමෙරිකානුවන් පිරිසක් ද මෙම වැඩසටහන සඳහා එක් විය.
වර්ෂ 1885 දී වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන්නටත්, එකල පැවැති යටත් විජිත රජය පෙළඹවූ ප්‍රතිසංස්කරණවාදියා ලෙසත්, වර්තමානයේ ලෝකයේ ප්‍රසිද්ධත්වයට පත්ව ඇති බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා ලෙසත්, ආනන්ද, නාලන්දා, මලියදේව, ධර්මපාල, ධර්මරාජ, ගාල්ල මහින්ද, විශාකා, මියුසියස් වැනි බෞද්ධ විද්‍යාලවල සමාරම්භයකයා ලෙසත් කර්නල් ඕල්කට් තුමා කළ සේවය ප්‍රශංසනීයය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart