
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් භාවිත කළ වාහන රැසක් ආපසු භාරදීම සිදුකර තිබේ.
ආණ්ඩු පෙරළියෙන් පසු හිටපු ඇමැතිවරුන් සහ රජයේ අමාත්‍යාංශ නිලධාරීන් මෙලෙස වාහන ආපසු බාරදී දී ඇත.
වාහන රැසක් කොළඹ අදාළ අමාත්‍යාංශ පරිශ්‍රවල සහ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ නවතා තිබේ.
නව පාලනයක් පත් වූ පසු එම වාහන නැවත භාර දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුවයි එම වාහන ආපසු ලබාදී ඇත්තේ.
ඇමැතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වෙන්කරන වාහන සංඛ්‍යාව අඩුකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රතිඥා දී තිබේ.
ජනාධිපතිවරයා එම වාහනවලට කුමක් කරයිද, ඉදිරියේදී ඒවා වෙන් කරන්නේ කෙසේද යන්න අපැහැදිලියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart