
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (11) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමිව තිබේ.
එම ක්‍රීඩාංගණයේ ‘සී’ සහ ‘ඩී’ ප්‍රේක්‍ෂකාගාරවල ඉහළ සහ පහළ ප්‍රේක්‍ෂකයන්ට නොමිලයේ තරගය නැරඹීමේ අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
එම ප්‍රේක්‍ෂකාගාරවල දොරටු හෙට පස්වරු 1.00 සිට විවෘතව තබන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.
තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමු අතර දෙවැනි තරගය ශ්‍රී ලංකාව කඩුලු 02කින් ජයගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart