
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලන්දේසින් විසින්(වර්තමාන නෙදර්ලන්තය) යටත් විජිත යුගයේ දී කොල්ලකා රැගෙන ගොස් එරට කෞතුකාගාර දෙකක තබා ඇති කාලතුවක්කු, වටිනා ලෝහ සහ ස්වර්ණාභරණ ඇතුළු සිය ගණනක් කෞතුක වස්තු ශ්‍රී ලංකාවට ආපසු භාරදෙන බව එරට රජය නිවේදනය කර ඇත.
“සංස්කෘතික වස්තු” 478 ක් මෙලෙස ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව නෙදර්ලන්ත රජය ඊයේ(06) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඇතැම් බටහිර ජාතීන් යටත් විජිත ඉතිහාසය සමයේ විවිධ රටවලින් කොල්ලකා ගත වස්තූන් ආපසු ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති අතර එම, වැඩසටහනට නෙදර්ලන්තයද එක්ව සිටී.
නැගෙනහිර අප්‍රිකාවේ ජර්මානු යටත් විජිතයෙන් මිනිස් හිස් කබල් සිය ගණනක් ආපසු ලබාදීමට සූදානම් බව බර්ලින් කෞතුකාගාරය විසින් පසුගිය ජනවාරි මාසයේදී නිවේදනය කර ඇත.
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බෙනින් වෙතින් ලබාගත් ප්‍රතිමා, රාජකීය සිංහාසන සහ පූජනීය පූජාසන ආපසු ලබාදෙන බව 2021 දී ප්‍රංශය කියා තිබේ.
එමෙන්ම පසුගිය වසරේ බෙල්ජියම විසින් ඝාතනය කරන ලද කොංගෝ ජාතික නිදහස් වීර පැට්රිස් ලුමුම්බාට අයත් රන් ආවරණයක් සහිත දතක් ආපසු ලබාදෙන ලදී.
කොල්ලකන ලද වස්තු ශ්‍රී ලංකාවට ආපසු ලබාදීමේ එක් විශේෂත්වයක් වන්නේ ලෝකඩ, රිදී සහ රත්රන් වලින් සාදන ලද සහ මැණික් ඔබ්බවන ලද චාරිත්‍රානුකූල ආයුධයක් වන මහනුවර කාලතුවක්කුවක්ද ආපසු ලබාදීමයි.
මෙම කාලතුවක්කුව 1800 සිට නෙදර්ලන්තයේ ජාතික කලා හා ඉතිහාස කෞතුකාගාරය වන Rijksmuseum හි තැන්පත් කර ඇත.
1765 දී මහනුවර වැටලීම සහ කොල්ලකෑමේදී ඕලන්ද පෙරදිග ඉන්දීය සමාගම් භටයන් විසින් එය කොල්ලකන ලද බව කෞතුකාගාරය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart