January 1, 2025

පුද්ගලයකුට පහරදීමේ චෝදනාව මත කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු වන සුනන්ද ලියනපතිරණ ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය නාරාහේන්පිට දාබරේ මාවතේදී සිදු වූ බව පොලිසිය පැවසීය.

මූලික විමර්ශනවලින් පසු, සැකකාර මන්ත්‍රීවරයා පොලිස් ඇප මත මුදාහැර තිබේ.