
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම මස 8 වැනි දිනට යෙදී ඇති ලෝක සාගර දිනය නිමිත්තෙන් කොළඹ වරාය නගරයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (6) සාර්ථකව පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ සාගර කලාපයේ සුරක්ෂිතතාව සහ පිරිසිදුකම තහවුරු කිරීම අරමුණු කරගත් සුවිශේෂී මුහුදු පත්ල පිරිසිදු කිරීමේ මෙම වැඩසටහන පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් තවත් ආයතන කිහිපයක් හා එක්ව සංවිධානය කර තිබිණි.
මෙම මෙහෙයුමේ ප්‍රධානතම අංගය වූයේ දක්ෂ කිමිදුම් කණ්ඩායම් (Divers) යොදවමින් වරාය නගර පරිශ්‍රයට අයත් සාගර පත්ලේ රැඳී තිබූ, සාගර ජීවීන්ට මෙන්ම සමුද්‍රීය පද්ධතියට දැඩි ලෙස හානි පමුණුවන ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු නොදිරන ඝන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගැනීමයි.
මෙලෙස එකතු කරන ලද සාගර අපද්‍රව්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව වර්ගීකරණය කර, ප්‍රතිචක්‍රීකරණය සඳහා නිසි ආයතන වෙත භාරදීමට ද පියවර ගැනිණි.
මෙහිදී අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සතු සාගර සම්පත රැකගැනීම රටේ අනාගතය වෙනුවෙන් පැවරී ඇති අත්හළ නොහැකි වගකීමක් බවත්, රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධව මෙවැනි සක්‍රීය දායකත්වයක් ලබාදීම අගය කළ යුතු බවත්ය.
මෙම සාගර සුරකීමේ සත්කාරක පියවර සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතන රැසක් දායකත්වය සපයන ලද අතර, වැඩසටහන සාර්ථක කර ගැනීමට මූල්‍ය හා සන්නද්ධ ශක්තිය සැපයූ ආයතන වෙත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිය විශේෂ ඇගයීම් උපහාර ලිපි පිරිනමන ලදී.
මෙම අවස්ථාව සදහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා ඇතුලු නිළධාරීහු පිරිසක් සහභාගි වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart