
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කඩා වැටීමේ අවදානමක් සහිත මාර්ග අද්දර තිබූ විශාල ගස් 20 ක් පමණ කොළඹ මහ නගර සභාව විසින් පසුගිය දින අට තුළ ඉවත් කර ඇති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ කාර්මික පරිපාලක, සුජීව පරගස්තැන්න පවසා ඇත්තේ නගර සභාව විසින් ඉරිදා (ඔක්තෝබර් 08) කොළඹ තදාසන්න ප්‍රදේශවල විශාල ගස් තුනක් ඉවත් කර ඇති බවයි.
කොළඹ විශ්වවිද්‍යාලය අසල තර්ස්ටන් පාරේ මහජන බැංකුව දෙසට හේත්තු වී තිබූ විශාල ගස සහ හෝර්ටන් පෙදෙසේ හා කන්නන්ගර මාවතේ කඩාවැටීමේ අවදානම් සහිත විශාල ගස් දෙකක් ඉවත් කළ බව ඔහු පවසා ඇත.
සමහර ගස්වල අතු කපාදැමිය යුතු බවත්, වීදි ලාම්පු සහ මාර්ග සංඥා අවහිර කරන ගස් ඉවත් කරන බවත් පරගස්තැන්න වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය සතියේ කොල්ලුපිටියේදී මාර්ගය අයිනේ ගසක් බස් රථයක් මතට කඩා වැටීමෙන් මගීන් පස්දෙනකු මරණයට පත්විය.
මෙම අනතුරින් පසු පවතින තෙත් තත්ත්වය හේතුවෙන් කඩාවැටීමේ අවදානමක් ඇති මාර්ග දෙපස විශාල ගස් පිළිබඳව කඩිනම් අධ්‍යයනයක් කර, මහජනතාවට තර්ජනයක් විය හැකි ඕනෑම ගසක් ඉවත් කරන ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් උපදෙස් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart