February 28, 2025

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ දෙවැනි භාගයේ දී 236.8 ක දර්ශක අගයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 7.7 ක වැඩිවීමකි.

නේවාසික, වාණිජ හා කාර්මික යන අනුදර්ශක තුනම පිළිවෙළින් සියයට 9.9ක, 9.4ක සහ 3.9ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් මෙම වැඩිවීමට දායක වී ඇතැයි මහ බැංකුව නිවේදනය කර තිබේ.

අර්ධ වාර්ෂික පදනමින්, එනම්, 2024 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව එම වසරේ දෙවැනි භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනුදර්ශක අඩු වේගයකින් වර්ධනය වී ඇත.

ඉහළම වර්ධනය නේවාසික අනු දර්ශකය මගින් නිරීක්ෂණය වූ අතර, අනුපිළිවෙළින්, වාණිජ හා කාර්මික අනුදර්ශක ද වර්ධනය වී ඇත.