June 26, 2023

කොළඹ නගරයේ හෝටල්වල අවම කාමර ගාස්තුව (MRR) අගෝස්තු 01 වැනිදා සිට වෙනස්කිරීමට රජය තීරණය කර ඇත.

මේ හේතුවෙන් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමය ඉපැයීම් සහ ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය තවදුරටත් ඉහළ නංවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

රට තුළ ස්ථාවරත්වය ඇති වූ පසුව ද තරු 5 හෝටල් විසින් අය කරන අතිශය අඩු මිල ගණන් පිළිබඳව, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී රජය කනස්සල්ලට පත්ව ඇතැයි පැවැසේ.

උදෑසන ආහාරය සඳහා සියයට 30ක බද්ද ඇතුළු පුද්ගලයන් දෙදෙනකු සඳහා රාත්‍රියකට අයකළ ඩොලර් 60ක් වැනි අඩු මිල ගණන් මෙහිදී වැඩිකෙරෙන අතර, සැලසුම් වලට අනුව, තරු 5 සඳහා නව ගාස්තුව ඩොලර් 130++, තරු 4 සඳහා ඩොලර් 100++ සහ තරු 3 සඳහා ඩොලර් 80++ වනු ඇත.

සංචාරක පැමිණීම් 2018 දී මිලියන 2.3 දක්වා ඉහළ ගිය අතර, පසුගිය වසරේ එය 700,000 දක්වා පහත වැටිණි. එය 2010 දී තිබූ මට්ටමට සමාන වී තිබේ.

කොළඹ නගරයේ හෝටල්වල මේවන විට කාමර 7,000කට අධික සංඛ්‍යාවක් ඇති අතර,ඉදිරි මාස 24 තුළ ඊට තවත් සුඛෝපභෝගී කාමර 2000ක් එක්වීමට නියමිතය.

මිල ස්ථාවර කිරීමේ අවශ්‍යතාවක් තිබුණද කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන්ගේ බලපෑම් හේතුවෙන් හෝටල් සාමාජිකයන්ට මිල වැඩි කිරීමට නොහැකි වූ බව The Hotels Association of Sri Lanka සභාපති එම්. ශාන්තිකුමාර් සඳහන් කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය, 2022 දේශපාලන නොසන්සුන්තාව සහ ආර්ථික අර්බුදයේ සෘජු බර කොළඹට ලැබුණු බව Colombo City Tourist Hotels Association හි සභාපති රොහාන් කාර් පවසයි.

කොළඹ නගරයේ ඉහළම මිල ගණන් යටතේ සේවා සපයන ගුණාත්මක තරු පන්තියේ හෝටල් ඇති නමුත්, කුඩා හෝටල් හිමියන්ට තම නිෂ්පාදන ඩොලර් 30ට පවා අලෙවි කිරීමට නොහැකි වීම නිසා ඔවුන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ද ඔහු සඳහන් කරයි.