Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහාධිකරණයේ අන්තරායදායක ඖෂධ නඩු භාණ්ඩ කාමරයේ ආරක්ෂිතව රඳවා තිබූ හෙරොයින් කොපමණ ප්‍රමාණයක් සොරාගෙන ඇත්දැයි සෙවීමට පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය, අධිකරණයට ඊයේ (04 වැනිදා) දැනුම් දුන්නේය.
කොළඹ මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ තිබූ නඩු භාණ්ඩ සොරකම් කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් කොළඹ මහාධිකරණයේ පිස්කල් පියන් තනතුරේ සේවය කරන සැකකරුවන් දෙදෙනෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී කෙසෙල්වත්ත පොලිසිය එලෙස දන්වා සිටියේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබූ පන්නිපිටිය, දේවාලගම පදිංචි වීරසිංහ මුදියන්සේලාගේ රසික බණ්ඩාර වීරසිංහ සහ පන්නිපිටිය, මිහිඳු මාවත පදිංචි සම්පත් කුමාර ජයකොඩි නමැති සැකකරුවන් දෙදෙනා ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරින් කරුණු ඉදිරිපත් කරමින් අදාළ නඩු භාණ්ඩ කාමරයේ තිබී සොරකම් කරන ලද හෙරොයින් ප්‍රමාණයන් පිළිබඳව හා එම නඩු භාණ්ඩ කුමන නඩු අංකයන් යටතේ පවරන ලද නඩු භාණ්ඩ ද සහ නඩුභාණ්ඩවල වටිනාකම සම්බන්ධ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව අධිකරණයට දන්වා සිටියේය.
මෙම අපරාධයට අදාළව තවත් එක් සැකකරුවකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ රාජකාරි කරන බවට අනාවරණය වී ඇතැයි දන්වා සිටි පොලිසිය එම සැකකරු විසින් නඩු භාණ්ඩවල තිබූ හෙරොයින් ලබාගෙන ඇති බවට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ ප්‍රකාශ මත අනාවරණය වී ඇතැයි ද අධිකරණයට දන්වා සිටියේය.
එම සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව දන්වා සිටි පොලිසිය මෙම අපරාධය සිදුවූ කොළඹ මහාධිකරණ අන්තරායදායක ඖෂධ ගබඩා කර ඇති නඩු භාණ්ඩ කාමරයේ සේවය කළ තවත් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගන්නා බවද අධිකරණයට දන්වා සිටියේය.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart