April 26, 2024

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.35ට මහනුවර බලා ධාවනය වූ දුම්රිය,කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකාවට පැමිණීමේ දී, දුම්රිය නැවැත්වීමට ප්‍රථම එම දුම්රියට ගොඩවීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු අනතුරකට ලක්ව ඇත.

මේ හේතුවෙන් කාන්තාවන් දෙදෙනාම බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

දුම්රිය මැදිරි දෙක අතර සිරවූ එක් කාන්තාවක් ඉන් පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත.