
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් මිලියන 77කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත පොල් වගා කිරීමේ මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සැකකරු පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් 77,722,691ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව බව උසස් පොලිස් නිලධාරියෙකු තහවුරු කළේය.
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart