
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හමාස් සංවිධානය ඊශ්‍රායලයේ බිළිඳුන්ගේ හිස ගසා දැමූ බව ඊශ්‍රායල අගැමති කාර්යාලය තහවුරු කළ බවට සජීවී විකාශනයකදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කීර්තිමත් CNN වාර්තාකාරියක වන සාරා සිඩ්නර් සමාව අයැද සිටියාය.
සිය සමාව අයැදීමේදී, එවැනි සංවේදී සහ කරදරකාරී තොරතුරු වාර්තා කිරීමේදී ප්‍රවේශම් සහ නිරවද්‍යතාවයේ අවශ්‍යතාවය සිඩ්නර් පිළිගත්තාය.
සාරා සිඩ්නර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල අගැමති කාර්යාලය පළමුව අදාළ පුවත් වාර්තා කළ නමුත් පසුව එය ප්‍රතික්ෂේප කර ඇති බවයි.
තමා එම පුවත කිසිදු සාක්ෂියකින් තොරව වාර්තා කිරීම වැරදි බව සාරා පිළිගෙන තිබේ.
බොහෝ ප්රමුඛ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, වැරදි තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් ඉල්ලා අස්වන ලෙස ඇයට බලකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart