
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ කොළඹ මහ නගර සභාව සහ රියෝ ද ජැනයිරෝ මහ නගර සභාව අතර සහෝදර නගර ව්‍යාපෘතියක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය සාකච්ඡාව පවත්වා තිබේ.
බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක රියෝ ද ජැනයිරෝ මහ නගර සභාවේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ස්ථිර කමිටුවේ වැඩ බලන උප සභාපති, Eliseu Kessler සහ නාගරික ලේකම් කාර්යාලයේ සිවිල් සභාවේ ලේකම් Lucas Padiha සමඟ රියෝ ද ජැනයිරෝ හි පේද්‍රෝ අර්නස්ටෝ මාලිගයේ දී (නගර සභාව) බ්‍රසීලය සහ ශ්‍රී ලංකාව අතර මහ නගර සභා මට්ටමින් සබඳතා වර්ධනය කිරීම සඳහා සාධනීය සාකච්ඡාවක් පවත්වා තිබේ.
බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව, 2024 ජුනි 12-13 දක්වා රියෝ ද ජැනයිරෝ හි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල සංචාරය අතරතුර මෙම සාකච්ඡාව සිදු විය.
අන්තර්ජාතික සබඳතා පිළිබඳ ස්ථිර කමිටුවේ වැඩබලන සභාපතිවරයා සහෝදර නගර ව්‍යාපෘතිය සඳහා යෝජනාවක් කඩිනමින් ඉදිරිපත් කර 2024 අගෝස්තු මාසයේදී රියෝ ද ජැනයිරෝ නගර සභාවෙන් අනුමැතිය ලබා ගන්නා බවට සහතික වී ඇත.
නිල රැස්වීම අවසානයේ තානාපති සුමිත් දසනායක සහ නගර සභා මන්ත්‍රී Eliseu Kessler ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී මන්ත්‍රී Kessler ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා තානාපතිවරයකු රියෝ නාගරිකයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් තානාපතිවරයාගේ පැමිණීම ඓතිහාසික බවයි.
මෙම සංචාරයත් සමඟ ශ්‍රී ලංකාව සහ රියෝ ද ජැනයිරෝ අතර සබඳතා නව මගකට යොමු වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළෙඳ, සංචාරක සහ ආයෝජන සම්බන්ධයෙන් තවදුරටත් ඉහළ නැංවිය හැකි සහයෝගිතා ක්ෂේත්‍ර පිළිබඳව තානාපති දසනායක අවධාරණය කර තිබේ.
බ්‍රසීලයේ ව්‍යවසායකයන්ට සහ සංචාරකයන්ට ශ්‍රී ලංකාව තුළ ඇති සුවිශේෂී අත්දැකීම් සහ අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්නා ලෙස ද ඔහු ආරාධනා කළේය.
රියෝ ද ජැනයිරෝ නගර සභාව පෘතුගීසි යුගයේ 1567 දී පිහිටුවන ලද අතර රියෝ ද ජැනයිරෝ හි අන්තර්ජාතික සබඳතා දෙපාර්තමේන්තුව 1979 දී පිහිටුවන ලදී.
මේ වන විට නගර සභාවේ ජනගහනය මිලියන 7කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart