May 26, 2026

ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන බවට සමාජ මාධ්‍ය හා විවිධ අංශ ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර ප්‍රකාශ කළේ, මෙම අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් ජනතාව නොසන්සුන් වී ඉන්ධන පිරවුම්හල් අසල අනවශ්‍ය පෝලිම් නිර්මාණය කරගෙන තිබූ බවයි.

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, ඉදිරි දින කිහිපය තුළ බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 බැගින් රැගත් නෞකා දෙකක් කොළඹ වරායට ළඟාවීමට නියමිත බව ද කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙම බොරතෙල් තොග මෙරටට රැගෙන එනු ලබයි.