
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ තමාට ලබාදුන් නිල නිවස බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට එල්ල වන චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රතික්ෂේප කර තිබේ.
හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිවරයා සිය නිල නිවසින් ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඊයේ (28) නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව ඔහු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව සළකා බැලීමෙන් අනතුරුව මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.
රාජ්‍ය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වූ පසුව ද හිටපු ඇමැතිවරයා එම නිල නිවසේ රැඳී සිටින බව අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට දන්වා ඇති අතර, ඔහුට ඉන් ඉවත් වන ලෙස නියෝගයක් ලබාදෙන ලෙසද ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) තීරණයක් මත තමා නිල නිවසේ පදිංචිව සිටින බව එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මහාචාර්යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
2022 මැයි 09 වැනිදා මෙරට ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව රජයේ ඇමැතිවරුන් කිහිපදෙනකුගේ නිවෙස්වලට ප්‍රහාර එල්ලවීමත් සමඟ විපතට පත් ඇමැතිවරුන් ඔවුන්ට වෙන් කර ඇති නිල නිවාසවල තවදුරටත් රැඳී සිටීමට මානව හිමිකම් කොමිසම තීරණයක් ගත් බව ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම තමන් නිල නිවසේ පදිංචිව සිටි කාලය තුළ උපයෝගිතා සහ අනෙකුත් බිල්පත් සියල්ල පියවූ බවද මහාචාර්යවරයා පවසයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව තමා නොදන්නා බවත්, මානව හිමිකම් කොමිසමේ තීන්දුව අධිකරණයට දැනුම් දීම සඳහා මෝසමක් ගොනුකිරීමට පියවර ගන්නා බවත්, හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart