
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහියංගනය රජමහා විහාරස්ථානයේ වාර්ෂික රන්දෝලි පෙරහැරට සහභාගි වූ අලියෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්ත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලුයම 3.30 ට පමණ මෙම සිද්ධිය සිදුව තිබේ.
පෙරහැරෙන් අනතුරුව මහවැලි ගං ඉවුරේ දම්වැල් යොදා සිටි ඇතින්නට මෙලෙස වෙඩිතබා ඇත.
අදාළ නිලධාරියා ‘සීතා’ට වෙඩිතබා ඇත්තේ වන අලියකු යැයි වරදවා වටහාගෙනය.
තුවාල ලැබූ 47 හැවිරිදි ඇතින්නට පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දී ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර පැහැදිළි කර ඇත්තේ, එම ස්ථානයේ සිටි වනජීවී නිලධාරියකු ඒ අවට සිටි වන අලි පළවා හැරීමට උත්සාහ කිරීමේදී වැරදීමකින් ‘සීතා’ නමැති ඇතින්නට රබර් උණ්ඩවලින් වෙඩිතබා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart