April 24, 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද ඔවුන්ගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

එංගලන්තයේ සිදු කරන ලද පෞද්ගලික සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක පරීක්ෂණයකට අදාළව මෙම ප්‍රකාශ ගැනීම සිදුවන දැනගන්නට තිබේ.