
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ තර්ජනාත්මක වීඩියෝවක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ අදාළ වීඩියෝව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පසුගිය 07 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි.
එසේම මෙම තර්ජනාත්මක ප්‍රකාශය ඇතුළත් හඬ පටය පිළිබඳ තවත් සංවිධාන කිහිපයක් විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත්කර තිබේ.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
එම කරුණු වාර්තා කිරීමෙන් පසු අධිකරණය මඟින් නිකුත් කරන ලද නියෝග අනුව වීඩියෝ පටයෙහි ප්‍රචාරය වන කටහඬ අදාළ පුද්ගලයාගේ ද යන්න තහවුරු කරගැනීම සඳහා වීඩියෝ පටය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබේ.
අනතුරුව එම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ඇත.
අදාළ වීඩියෝ පටයෙහි පෙනී සිටින පුද්ගලයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක් වන හිටපු යුද හමුදා මේජර්වරයකු බවට අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart