
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රඳවා තබාගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ හදිසි ප්‍රතිකාර සඳහා ඊයේ (07) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෝසමක් මගින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ අත්අඩංගුවේ පසුවන සලෙයිගේ සෞඛ්‍ය තත්ත්වය ඊයේ රාත්‍රියේ පිරිහීමට ලක්ව ඇති බවයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සුරෙස්ෂ් සලේ, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටියේය.
වාර්තා වන අන්දමට, තමන්ට අමානුෂික ලෙස සලකන බවට චෝදනා කරමින් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවෙමින් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඉන් අනතුරුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස අයහපත් වීම හේතුවෙන් බලධාරීන් විසින් ඔහුව මෙලෙස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart