May 30, 2023

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික උපදේශන 12 වැනි වටයේ සම සභාපතිත්වය දැරීම සඳහා 2023 මැයි 29 සිට ජූනි 01 දක්වා චීන විදේශ කටයුතු ඇමැති සන් වෙයිඩොං ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවේ.

දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාව මෙන්ම තේමාත්මක සහයෝගීතාව ආවරණය වන ද්විපාර්ශ්වික සබඳතාවල තත්ත්වය තක්සේරු කිරීම මෙම සාකච්ඡාවලින් අපේක්ෂා කෙරේ.

මෙම සංචාරයේදී චීන විදේශ කටයුතු උප ඇමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය හමුවීමට නියමිතය.

දූත පිරිස ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් සමඟ ද සම්බන්ධ වී දෙවනගල පිහිටි ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව ගම්මානය නැරඹීමට ද සැලසුම් කර ඇත.